2012-09-15

ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලිවීමට ඉන්ස්ටෝල් කලයුතු වැඩසටහන්-4: ඇන්ඩ්‍රොයිඩ් සොෆ්ට්වෙයර් ඩිවොලොප්මන්ට් කිට්(SDK).

 ඇන්ඩ්‍රොයිඩ් සොෆ්ට්වෙයර් ඩිවොලොප්මන්ට් කිට් (SDK)

 පසුගිය ලිපියේ මම ඇන්ඩ්‍රොයිඩ් ඩිවොලොප්මන්ට් ටූල්ස්  (ADT) ඉන්ස්ටෝල් කරන හැටි කිව්වා.ADT ඉන්ස්ටෝල් කලාට පස්සේ, අලුත් මෙනු අයිටම්  ටිකක් සෙට් වෙනවා එක්ලිප්ස් එකේ මෙනු බාර් එකට.ඇන්ඩ්‍රොයිඩ් කෝඩ් ලියන්ඩ සුදුසු තත්වයටඑක්ලිප්ස්    පත්කරන්නේ ADT වලින්. ADT  ඉන්ස්ටෝල් කරද්දි ආව අවසාන ස්ංවාද කොටුවෙන්, ඇන්ඩ්‍රොයිඩ් SDK එකක් ගැන ඇහුවා මතක ඇති. ඒ කියන්නෙ,මෙ කියන SDK එකත් ඔනි වෙනවා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලියන්ඩ නම්.ADT  ඉන්ස්ටෝල් කරද්දි ආව අවසාන ස්ංවාද  කොටුවෙන් පටන් ගනිමු.,
මොකක්ද මේ SDK කියන්නෙ?  http://developer.android.com/sdk/index.html වල තියන විදිහට නම්,මේ SDK එකෙන් තමා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් බිල්ඩ් කරන්ඩ,ටෙස්ට් කරන්ඩ සහ ඩීබග් කරන්ඩ අවශ්‍ය  ටූල්ස්, සහ ලයිබ්‍රරි ෆයිල්ස් ටික තියෙන්නේ.
මේක ඉන්ස්ටෝල් කරන්ඩ තියන ලේසිම විදිහ තමා උඩ පෙන්නලා තියන ADT ඉස්ටෝල් එකේ අවසාන සංවාද කොටුවෙ Install new SDK  කියන රේඩියෝ බොත්තම තෝරලා අලුත්ම SDK එක ගහන්ඩ කියන චෙක් බොක්ස් එක තෝරන එක. SDK එක වෙනමම ඉන්ස්ටෝල්  කරන්ඩත් පුලුවන් මේ ලින්ක් එකට ගිහින්(http://developer.android.com/sdk/index.html).
මෙතනදි SDK එක තියාගන්න ගොනුවක් දෙන්ඩත් ඕනි. මම දුන්නේ, D:\Android\android-sdks කියන එක.මම SDKඑක වෙනම ඉන්ස්ටෝල් කලොත් තෝරන්න ඔනෙ, දෙවෙනි රේඩියො බොත්තම. (USe existing SDKs).නෙක්ස්ට් ක්ලික් ගූගල් අහනවා SDK එක පාවීච්චි කරන විදිහ ගැන තොරතුරු ගත්තාට කමක් නැද්ද කියලා. මම හිතන්නේ නම් නැ ඒක අවුලක් තියෙයි කියල. ඒ උනට මම දුන්නේ No. :)
ඊලග සංවාද කොටුවෙන් ලයිසන් ඇග්‍රීමන්ට් එකට එකග වෙන්න ඕනි.ඉන්ස්ටෝල් ක්ලික් කරාම ඉන්ස්ටෝල් වෙන්ඩ පටන් ගන්නවා.

 
SDK ඉන්ටෝල් වෙන්ඩ පටන් ගන්නවා ප්‍රොග්‍රෙස් බාර් එකකුත් එක්ක...එක්ලිප්ස් පෙන්නනවා මොනවාද ඉන්ස්ටෝල් වෙන්නේ කියලා.


 ඉන්ස්ටෝල් උනාට පස්සේ පහල පෙන්නන විදිහට  අලුත් මෙනු අයිටම් එකක් "Android SDK Manager" කියලා පෙන්නනව එක්ලිප්ස් වල.


  මේක(Android SDK Manager) ඔපන් කරපුවාම පෙන්න්නවා මොනවාද
  1. මම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ,
  2. මොනවාද නැත්තේ,
  3. මොනවා වලටද යවත්කාලීන තියෙන්නේ කියලා.

 
 මම SDK මැනේජර් ඔපන් කරන හැම වෙලේම ඒක යවත්කාලීන තියනවාද කියලා හොයනවා.
මම හිතන්නේ දැන් අවශ්‍ය කරන හැම දේම තියනවා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලියන්ඩ පටන් ගන්ඩ..පලවෙනි ඇප් එක් " Hi Android" ලියන කොට උන දේවල් ඊලග ලිපියේ ඉදන් ලියන්නම්...

2 comments:

  1. machan Custom Rom 1k edit karanne kohomada..
    Android Kitchen walin , puluwanam post 1k danna

    ReplyDelete