2012-08-31

ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලිවීමට ඉන්ස්ටෝල් කලයුතු වැඩසටහන්-3 : ඇන්ඩ්‍රොයිඩ් ඩිවොලොප්මන්ට් ටූල්ස් ( ADT )

ඇන්ඩ්‍රොයිඩ් ඩිවොලොප්මන්ට් ටූල්ස් ( ADT )

කලින් ලිපියෙදි එක්ලිප්ස් වැඩ කරන්ඩ අත්‍යාවශ්‍ය , ජාව ඩිවොලොප්මන්ට් කිට් එක ඉන්ස්ටෝල් කරන හැටි මම කිව්වා. දැන් එක්ලිප්ස් වැඩ කරාට ඒක ඇන්ඩ්‍රොයිඩ් කෝඩ් ලියන්ඩ සුදුසු තත්වයට පත් කර ගන්ඩ තව වැඩසටහනක් ඉන්ස්ටෝල් කරන්ඩ ඔනි, ඒ තමා ADT නැත්නම් ඇන්ඩ්‍රොයිඩ් ඩිවොලොප්මන්ට් ටූල්ස්.ADT ඉන්ස්ටෝල් කලාට පස්සේ, අලුත් මෙනු අයිටම්  ටිකක් සෙට් වෙනවා එක්ලිප්ස් එකේ මෙනු බාර් එකට.හරි වැඩේ කරලම බලමු මොකද වෙන්නේ කියලා.

මේක ලියන්නෙත් ගූගල් ඇන්ඩ්‍රොයිඩ් වල තියන තොරතුරු වලින්. වැඩිවිස්තර ඔනි නම් මෙතනින් බලන්න.
http://developer.android.com/sdk/installing/installing-adt.html

හරි ඉස්සෙල්ලාම , එක්ලිප්ස් පටන් අරන්, පහල පින්තූරෙ තියන විදිහට help>install new software  මෙනු එකට යන්න
එතනදි, මෙන්න මේ වගේ සංවාද කොටුවක් තමා එන්නේ.ඒකේ "Add" බොත්තම ක්ලික් කරන්න.



මෙතනදි,"Add Repository" සංවාද කොටුව . එනවා. මට තේරෙන විදිහට , මෙතනදි වෙන්නෙ, ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් හදන්ඩ අවශ්‍ය වෙන software tools ටික තියන තැන කියන එකයි.මම මෙතන දාල තියන නම හෝ වෙනත් නමක් පාවිච්චි කරන්ඩ පුලුවන්...නමුත් URL එක නම් ඒකම වෙන්ඩ ඔනි. මොකද එත්නින් තමා download වෙන්නේ.

ඔකේ කරාට පස්සේ මෙන්න මෙ වගේ සංවාද කොටුවක් ඔපන් වෙනවා. මෙකෙන් කියන්නේ අපි මුලින් දුන්න URL එක තියන Server එකේ තියන්නේ එක්ලිප්ස් වලට හදුනාගන්ඩ පුලුවන් වැඩසටහන් 2 යි. එකක්,  ඩිවෙලොපර් ටූල්ස් (ADT) අනික, නේටිව් ඩ්වෙලොප්මන්ට් කිට් (NDK). මෙතන NDK කියන්නේ, ඇන්ඩ්‍රොයිඩ් වැඩසටහන් ඇතුලට C++ වගෙ කෝඩ් කැලි දාලා ලොකු වැඩ කරන සීන් එකක්. ඒවා දැනට අදාල නැති නිසා, මම ඩිවෙලොපර් ටූල්ස් විතරක් තෝරනවා.
නෙක්ස්ට් ක්ලික් කරාට පස්සේ, ADT වලට අදාල ටූල්ස් සෙට් එකක් පෙන්නනවා..ඩවුන්ලෝඩ් වෙන්ඩ යන..

ඊට පස්සේ ඇග්‍රීමන්ට් එක

ඔකේ කරලා ෆිනිශ් ක්ල්ක් කරාම ADT බැවෙන්ඩ පටන් ගන්නවා..

මේක බෑ උනාට පස්සේ එක්ලිප්ස්, දන්නවා මම හිතන්නේ, අපි ඇන්ඩ්‍රොයිඩ් ලියන්ඩ තමා සෙට් වෙන්නේ කියලා. එක නිකම්ම මෙන්න මේ ස්ංවාද කොටුව පෙන්නනවා.
ඒකඇන්ඩ්‍රොයිඩ් එස් ඩී කේ එකක්(Android SDK) ගැන අහනවා...මේක ගොඩ දා ගන්නේ කොහොමද කියලා මම ඊලග ලිපියෙන් කියන්නම්...

පසුව ලියමි
------------
මම කලින් කිව්වා වගේ, මේ මතෘකාව ගැන මම ඉගෙනගෙන නෑ. ඉතින් , ඇන්ඩ්‍රොයිඩ් ඩිවෙලොප්මන්ට් කරන අය, සහ අත්දැකීම් තියෙන අය කොමෙන්ටුවක් දලා මම බොරු කිව්වොත්, ඒවා නිවැරදි කිර්‍රමෙන් සහ තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීමෙන්, මේ  ගැන ඉගෙන ගන්ඩ කැමත්තෙන් ඉන්න සිංහලෙන් ඉගෙන ගන්න සහෝදර සහෝදරියන්ට උදව්වක් වෙයි.

2012-08-19

ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලිවීමට ඉන්ස්ටෝල් කලයුතු වැඩසටහන්-2 : ජවා ඩිවොලොප්මන්ට් කිට් ( JDK )

ජවා ඩිවොලොප්මන්ට් කිට් ( JDK )

එක්ලිප්ස් වැඩ කරන්ඩ අත්ය්‍යාවශ්‍ය වැඩසටහනක් තමා ජවා ඩිවොලොප්මන්ට් කිට් 6( JDK 6 ).මුලින්ම පහල ලින්ක් එක පාවිච්චි කරලා JDK 6 ගන්න පුලුවන්, නැත්නම් කෙලින්ම ඔරකල් සයිට් එකට ගිහින් ජවා ගන්න පුලුවන්.
http://developer.android.com/sdk/index.html#Requirements

පාට කරලා තියන ලින්ක් එකට ගිහින් ක්ලික් කරාම JDK සෙටප් ෆයිල් තියන පිටුවකට යනවා. මේක තමා ජාවා ඔරකල් ඩවුන්ලෝඩ් පිටුව.
http://www.oracle.com/technetwork/java/javase/downloads/index.html
මෙතන තෝරන්ඩ ඔනි Java SE 6 update 33කියන එකයි.


 මේක ක්ලික් කරාම ඩවුන්ලොඩ් පිටුවට යනවා.
http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk6-downloads-1637591.html

ඊට පස්සේ මම පාට කරලා තියන ලින්ක් එක ක්ලික් කරන්ඩ ඔනි. එක තමා හරි JDK 6 එක 64 bit මෙහෙයුම් පද්ධතියට හරි යන. මෙතනදී ඔයාලාගේ පරිඝනකයට හරි යන සෙටප් ෆයිල් එක බා ගන්ඩ මතක ඇතුව. නැත්නම් ඔක්කොම අල වෙනවා.

ඒක මෙගා බයිට් 59.7 ක ෆයිල් එකක්.ඊට පස්සේ මම ඩ්වුන්ලෝඩ් කරපු ෆයිල් එක රන් කරා. ඒතකොට JDK සහ JRE ( ජවා රන්ටයිම් එන්වයර්න්මෙන්ට් ) ඉන්ස්ටෝල් උනා. දැන් තමා වැඩේ හරිද කියලා බලන්ඩ ඔනි.
එක්ලිප්ස් ස්ටාර්ට් කරා. මම බලපොරොත්තු උන පාත් එකක් අහයි කියලා විවිධ ෆයිල් වල . ඒත් එයාම අලුත් ජාවා වර්ශන් එක අදුරාගත්තා මම හිතන්නේ :)

ඒක මෙගා බයිට් 59.7 ක ෆයිල් එකක්.ඊට පස්සේ මම ඩ්වුන්ලෝඩ් කරපු ෆයිල් එක රන් කරා. ඒතකොට JDK සහ JRE ( ජවා රන්ටයිම් එන්වයර්න්මෙන්ට් ) ඉන්ස්ටෝල් උනා. දැන් තමා වැඩේ හරිද කියලා බලන්ඩ ඔනි.වැඩේ හරි වගේ..එක්ලිප්ස් එකෙන් වර්කින් ඩිරෙක්ටරි එකක් ( ප්‍රොග්‍රැම් ලියනකොට අව්ශ්‍ය වෙන දේවල් තියාගන්ඩ තැනක් ) අහනවා. මම D:\Android\workspace දුන්නා...වැඩේ ගොඩ වගේ :)


..එක්ලිප්ස් ජුනෝ රන් වෙනවා .
 "ජුනෝ" කියන්නේ එක්ලිප්ස් හදන අය එක්ලිප්ස් වල මේ ස්ංස්කරනයට දීලා තියන නම.ඇත්තටම ජුනෝ කියන්නේ ඇස්ටරොයිඩ් එකක්. එක්ලිප්ස් කට්ටිය තමන්ගේ ස්ංස්කරන වලට අභ්‍යවකාශයට සම්බන්ධ නම් දේනවා ඇන්ඩොරොයිඩ් අය අතුරුපස වල නම් දෙනවා වගෙ. එක්ලිප්ස් වල කලින් නමක් තිබුනා "ගැලීලියො". හරි දැන් මේක රන් වෙනවා..තාම ඇන්ඩ්‍රොයිඩ් ලියන්ඩ සුදුසු නැ ඒ උනාට , ඊලග ලිපියෙන් ඊලග් පියවර...




2012-08-14

ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලිවීමට ඉන්ස්ටෝල් කලයුතු වැඩසටහන්-1 : එක්ලිප්ස්

එක්ලිප්ස් ඉන්ස්ටෝල් කිරීම

එක්ලිප්ස් IDE එක තමා මම කියවපු විදිහට ඇන්ඩ්‍රොයිඩ් ඩිවොලොප් කරන්ඩ තියන හොදම IDE එක.මෙකෙ ඇතුලෙ තමා , කෝඩ් ලියන්න්නෙ සහ අවසානයෙදි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදන්නේ.ගූගල් කියන්නෙ " එක්ලිප්ස් ක්ලැසික්" වර්ශන් එක තමා හොද කියලා...
වැඩිපුර කියවන්ඩ පුලුවන් මෙතනින්...  
http://developer.android.com/sdk/installing/installing-adt.html
හරි, දැන් එක්ලිප්ස් ඉන්ස්ටොල් කරන්ඩ පටන් ගන්ඩ  වෙබ් ලිපිනයට යන්ඩ.
http://www.eclipse.org/downloads/
මෙන්න මෙ වගේ පිටුවක් තමා ඒක...



ඊට පස්සෙ "Eclipse Classic 4.2" කියන ලින්ක් එකේ ක්ලික් කරන්න.මෙතන දි තමන්ගේ කොම්පියුටර් එකේ මෙහෙයුම් පද්ධතිය සහ ඒක 32 බිට් ද 64 බිට් ද කියන එක බලපානවා.එක නිසා හරි ෆයිල් එක බා ගන්න.මම 64 බිට් සංස්කරණය තෝරනවා. මොකද, මම මේක රන් කරන්ඩ බලාපොරොත්තුවෙන්නෙ වින්ඩොස් 7 64 බිට් එකක නිසා. මම ලින්ක් එක ක්ලික්කරාම ඊලගට මිරර් සයිට් එක තෝරා ගන්ඩ ඔනි. ලංකාවට ලගින් තියන සයිට් එකක් තෝරා ගත්තාම ටිකක් ඉක්මන් මෙක බැවෙන එක.

මම මෙකෙදි මේ මැලේසියාවෙ තියන කැම්පස් එකක තියන මිරර් සයිට් එකක් තොරලා, කොලපාට ඩවුන්ලෝඩ් බොත්තම ඔබනවා.ටික වෙලාවකින්, ෆයිල් එක සේව් කරන තැන අහනවා.

ඒක ටිකක් විතර ලොකු (183 MB ) ෆයිල් එකක් හින්දා වෙලා යනවා.බැ උනාට පස්සේ මෙක ෆියර්ෆොක්ස් ඩව්න්ලෝඩ් අයිටම්ස් වල පෙන්නනව. ඒක ඔපන් කරන්ඩ ඔනි.

ඩවුන්ලෝඩ් අයිටම්ස් ෆොල්ඩර් එක ඔපන් කරා ම එකේ තියනවා Eclipse කියලා ඇප්ලිකේෂන් ෆයිල් එකක්. එක ඔපන් කරාම  සිප් ෆයිල් එක දිග අරින්ඩ ( Extract) අහනවා.

මෙක කොරනකොට තමා පලවෙනි ප්‍රශ්නේ ආවේ.මෙන්න මේ වගේ Error එකක්.

මේ Error එක එන්නේ මම හරි ජාවා (JDK) වර්ශන් එක ඉන්ස්ටෝල් කරලා නැති නිසා ලු.(ගූගල් කරලා හොයා ගත්තේ ).මම හිතන්නේ, එක්ලිප්ස් වර්ශන් එක 64 බිට් වෙලා 32 බිට් ජවා  දැම්මාම තමා මෙක වෙන්නේ.මම ඊලග පෝස්ට් එකෙන් කියන්ඩ යන්නේ කොහොමද හරි ජාවා වර්ශන් එක දාන්නේ කියලා.ගූගල් කියනවා java රන්ටයිම් එක විතරක් මදිලු. ඉතින් ම්ම තියන ජවා වර්ශ්න් එක ගලවලා අලුතෙන්ම JDK 6 දාන්ඩ්යි යන්නේ. වැඩි විස්තර මෙතන තියන්වා.(මේ Error එක එන්ඩ හරිම හේතුව මම දන්නේ නැ.).
http://developer.android.com/sdk/index.html#Requirements 
 ඊලග පොස්ට් එකෙන් JDK 6 දාන්ඩ ගිහින් මොකද උනේ කියලා කියන්නම් .

2012-08-11

ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලිවීමට ඉන්ස්ටෝල් කලයුතු වැඩසටහන්

මුලින්ම කිවයුතු දෙයක් වන්නෙ මෙම සියලු තොරතුරු වලට ප්‍රධාන මූලශ්‍රය වන්නේ, http://developer.android.com/index.html වෙබ් අඩවිය බවයි. ඉතින් අවශ්‍ය කෙනෙකුට කෙලින්ම එත්නින් බලාගෙන මේ වැඩේ කරන්ඩ පුලුවන්. තව ඔනි තරම් තැන් තියනවා ඇන්ඩ්‍රරොයිඩ් ගැන දේවල් දැන ගන්න. මම සරලව , මෙ වැඩේ කරනකොට කරපු දේවල් වැරදුන දේවල්, අවශ්‍ය දේවල් හොයගත්ත තැන් ගැන ලියනවා.  (මගේ ඉංග්‍රීසි බ්ලොග් එකේ, ඊට පස්සෙ පරිවර්තනය කරනවා සිංහල බ්ලොග් එකට ).

http://developer.android.com/index.html වෙබ් අඩවියට අනුව, මෙන්න මෙවා ඔනි වෙනවා.
  1. එක්ලිප්ස් - මෙක තමයි අපි ප්‍රොග්‍රැම් එක ලියන IDE එක.
  2. JDK - ජාවා ඩිවෙලොප්මන්ට් කිට් එක. එච්ලිප්ස් වලට වගේම ඇන්ඩ්‍රොයිඩ් වලටත් ජාවා ඔනි වෙනවා.
  3. ADT -ඇන්ඩ්‍රොයිඩ් ඩ්වොලොප්මන්ට් ටූල්ස්. ADT කියන්නේ එක්ලිප්ස් IDE එක ඇන්ඩ්‍රොයිඩ් ලියන්ඩ පහසුවෙන විදිහට හදාපු ටූල්ස් කීපයක්.
  4. ඇන්ඩ්‍රොයිඩ් SDK- සොෆ්ට්වෙයා ඩිවෙලොප්මන්ට් කිට්.මේකෙ තමා ඇන්ඩ්‍රොයිඩ් ප්‍රොග්‍රැම් ලියන්ඩ අවශ්‍ය API ලයිබ්‍රරීස්, ඩිවෙලොපර් ටූල්ස් හෙම තියෙන්නෙ
මෙන්න මෙව්වා 4 ඩ්වුන්ලොඩ් කරගෙන හරියට ගැටගහ ගත්තා නම්, ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලියන්ඩ පටන් ගන්ඩ පුලුවන්. මම ඔක කෙරුවා.(තාම ඇප්ස් හැදීම ගැන නම් හිතලවත් නැ ) දැන් මෙක බලන මෙව දන්න කෙනෙක් ඉන්නව නම් මෙවා බාලා දැන්මම වැඩේ පටන් ගන්ඩ පුලුවන්.
මගේ ලැප්ටොප් එක වින්ඩොස් 7 64 බිට් එකක්. ඉතින් මම මුලින්ම ඇන ගත්තා ඔය බිට් කෙස් එක හින්දා. ඉතින් මම ගොඩ දා ගත්ත හැටි මගේ ඉංග්‍රීසි බ්ලොග් එකේ තියන්වා. ඉදිරි කාලයේ දී එවත් සිංහලෙන් මේකෙ ලියන්න්ම්..

2012-08-09

මීලග ලිපිය---ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලිවීමට ඉන්ස්ටොල් කල යුත්තේ මොනවා ද ?

ඇප්ස් යනු ස්මර්ට් ෆෝන් වල බාවිතා කරන ප්‍රොයොජනවත් වැඩසටහන් ය. උදාහරනයක් ලෙස ඇන්ඩ්‍රොයිඩ් ෆොන් වල භවිතා කරන "ඇප්ස්" ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලෙස හැදින්වේ. ඇපල් අයිෆෝන් වල ඇති ඇප්ස්,අයි ෆෝන් ඇප්ස් ලෙස හැදින්වේ. වෙනස් වෙනස්  ස්මර්ට් ෆෝන් වලට ඇප්ස් නිපදවීම වෙනස් ආකර වලින් සිදුකරනව. සාමාන්‍යයෙන්  එක් ජාතියක ස්මර්ට් ෆෝන් එකකට සැදු ඇප් එකක් තවත් ජාතියක ස්මාර්ට් ෆෝන් එකක පාවිව්චි කල නොහැකියි.

ඔනැම කෙනෙකුට ඇප්ස් හදලා ඇන්ඩ්‍රොයිඩ් මාර්කට් ( දැන් කියන්නෙ ගුග්ල් ප්ලේ කියල https://play.google.com/store ) දැම්මොත් සල්ලි හොයා ගන්ඩ පුලුවන්. මම දන්නේ නැ ඇන්ඩ්‍රොයිඩ් තියා මොන එකක් වත් ලියන්ඩ. නමුත් මම විනෝදෙට වගේ මෙ වැඩේ කරන්ඩ උත්සාහ කරනව. මගේ අත්දැකීම් මම ලියලා තියනවා . කවුරු හරි මේ බ්ලොග් 2න් උදවුවක් ඇරන් ඇප්ස් හදලා කීයක් හරි හොය ගන්ඩ තමන්ට ( ඒ කියන්නෙ රටට ගෙන්න ගන්ඩ) උත්සාහ කරනවා නම් මගෙ මෙ වැඩේට ප්‍රතිඵල තියනවා. සින්හලෙන් මේක කියවන් , මේ දක්වා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් හැදීම් ගැන නොදන්න කවුරු හරි එක්කෙනෙක් පොඩි හරි ප්‍රයොජනයක් මේකෙන් ලැබුවොත් ඒ ඇති..මම මේ වැඩේ කරගෙන යනකොට ඉස්සෙල්ලා ම අප්ඩේට් කරන්නෙ ම්ගේ ඉංග්‍රීසි බ්ලොග් එක. ඊට පස්සෙ තමා මේකෙ ලියන්නේ.කාටහරි උවමනා නම් විස්තර ඉක්මනට දැනගන්න එකට ගිහින් බලන්න ( http://androidprof.blogspot.com/ ).ඉංග්‍රීසි  බ්ලොග් එක ලිවීමේ අරමුන නම් ටිකක් වෙනස්. එ ඇති මම හිතන්නෙ පෙර වදන..

 ඊලග ලිපියෙන් බලමු ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් හදන්ඩ අවශ්ය ටූල්ස් මොනවද කියලා..

මේ දක්වා නිකුත් කරන ලද ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන්

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ ලින්ක්ස් ක්‍ර්නලය මතයි. ඒ ඒ සංස්කරනයන් සදහා පාවිච්චි කරන්නෙ අතුරුපස වර්ග වල නාමයනුයි.


1. ඇන්ඩ්‍රොයිඩ් බීටා ( 2007 නොවැම්බර් ).
පළමු නිකුතුව.
2. ඇන්ඩ්‍රොයිඩ් 1.0 ( 2008  සැප්තැම්බර්  ).
පළමු නිකුතුව (වෙළදපොලට  නිකුත් කරන ලද ).
පළමු ඇන්ඩ්‍රොයිඩ් උපකරණය වන එච් ටී සී ඩ්‍රීම් දුරකථනය ද මෙම වසරේ දී නිකුත් කරනු ලැබුවා.


3. ඇන්ඩ්‍රොයිඩ් 1.1 ( 2009  පෙබරවාරි ).
4. ඇන්ඩ්‍රොයිඩ් 1.5 කප් කෙක් (2009 අප්රේල් ).
පළමු වතාවට අතුරුපස නාමයක් පාවිච්චි කරන ලද සංස්කරනය.
5. ඇන්ඩ්‍රොයිඩ් 1.6 ඩෝනට්(2009 සැප්තැම්බර්  ).
6. ඇන්ඩ්‍රොයිඩ්  2.0/2.1 ඉක්ලර්(2009 ඔක්තොම්බර් ).
7. ඇන්ඩ්‍රොයිඩ් 2.2.x ෆ්රෝයෝ(2010 මැයි ).
8. ඇන්ඩ්‍රොයිඩ් 2.3.x ජින්ජර් බ්‍රෙඩ් (2010 දෙසැම්බර් ).
9. ඇන්ඩ්‍රොයිඩ් 3.x හනි කොම්බ්(2011පෙබරවාරි ).
 පළමු ට්‍රේබ්ලේට් පරිඝනක සදහා වූ  සංස්කරනය.
10. ඇන්ඩ්‍රොයිඩ් 4.0 අයිස් ක්‍රීම් සැන්ඩ්විච්(2011 ඔක්තොම්බර් ). 
10. ඇන්ඩ්‍රොයිඩ් 4.1 ජෙලි බීන් (2012 ජුලි  ).

2012-08-07

ඇන්ඩ්‍රොයිඩ් කොහොමද උපත ලැබුවේ?

ඇන්ඩ්‍රොයිඩ් ලෙස නම්කරන ලද සමාගමේ ආරම්භය 2003 දී සිදු උනත් , සැබවින්ම මෙම සමාගමේ උපත ඊට කලින් සිදුවූ අතර යම් යම් හේතු නිසා රහසේ තම කටයුතු කරගෙන ගොස් තිබෙනවා. සමාගමේ ආරම්භකයන් ලෙස සැලකෙන්නේ , ඇන්ඩි රුබින් ( ඩෙන්ජර සමාගමේ සමාරම්භක ), රිච් මයිනර් ( වයිල්ෆයර් සමාගමේ සමාරම්භක ), නික් සියර්ස් (ටී මොබිලේ සමාගමේ උප ප්‍රධානී).
2005 දී ගූගල් සමගම විසින් ඇන්ඩ්‍රොයිඩ්  සමාගම අත්පත් කර ගන්න ලද අතර සමාගමේ ඉදිරි ගමන ගූගල් සමාගමේ අභිමතාර්ථයන් වලට අනුව වෙනස් කිරීමට කටයුතු කරනු ලැබුවා. ගූගල් වලට මුලිකව අවශ්‍ය උනේ තමන් ගේ ඉතා විශිෂ්ට වූ සෙවුම් යන්ත්‍ර ඇන්ඩ්‍රොයිඩ්  වල තාක්ෂනය ජංගම සන්නිවේදන උපකරණ වල භාවිතයට යොදා ගැනීමයි. 2007 දී (මෙම සැකය තහවුරු කරන අයුරින්)  ඔවුන් දුරකථන තාක්ෂනය හා සම්බන්ද පේටන්ට් බලපත්‍ර කීපයක් ලබාගැනීමට අයදුම් කරනු ලැබුවා.
2007 දී , සුප්‍රසිද්ධ සමාගම් කීපයක සහභාගිත්වයෙන් විවුර්ත දුරකථන සහයෝගිතාවය  (Open Handset Alliance ) නමැති සංවිධානය පිහිටුවාගනු ලැබුවා.මේ සහයෝගිතාවයේ අරමුණ උනේ ජංගම සන්නිවේදන උපකරණ උදෙසා " විවර්ත තත්වයක් (Open Stand) සකස් කර ගැනීමයි. මේ කටයුත්ත සදහා සහභගී වූ සමාගම් වන්නේ, බ්‍රෝඩ් කොම් , ගූගල් , එච් ටී සී , ඉන්ටෙල් , එල් ජී , මර්වල් , මෝටරෝලා, එනවිඩියා, කුඅල්කොම් , සැම්සුන්, ස්ප්‍රින්ට් , ටී මොබයිල් සහ ටෙක්සාස් ඉන්ස්ට්‍රුමන්ට් යන සමාගම් ය.
මෙම සියලු දේ වල ප්‍රතිපලයක් ලෙස ලිනක්ස් කර්නල් 2.6 මත පදනම් වූ පළමුවන ඇන්ඩ්‍රොයිඩ් නිකුතුව 2007 දී නිකුත් කරා.

2012-08-06

ඇයි ඇන්ඩ්‍රොයිඩ් ?

ඇන්ඩ්‍රොයිඩ් යනු වේගයෙන්ම ලොව වටා ජනතාව අතර ව්‍යාප්ත වන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියයි .මම මෙහි දැක්වෙන ප්‍රස්ථාරය හැදුවේ දැනට ඇති වෙළදපොල අධ්‍යයන වාර්තා වලින්.
ඇන්ඩ්‍රොයිඩ් හැර අනෙත් සියලු ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති නිපදවා ඇත්තේ ඒ ඒ සමාගම් වල දුරකථන වල පාවිච්චිය උදෙසායි.
ඉහත ප්‍රස්ථාරය සෑදීමට en.Wikipedia හි ඇති තොරතුරු උදවු කර ගත්තා Wikipedia වලට එම තොරතුරු ලබාගෙන ඇත්තේ සුප්‍රසිද්ධ Gartner සමාගමේ අධ්‍යයන වාර්තා වලින්. ((Gartner: Android leads, Windows Phone lags in Q1". Gartner, Inc. 2011-05-19. Table 2. http://news.cnet.com /8301-13506_3-20064223-17.html. බැලුවේ 2011-05-19.)

මේ ප්‍රස්ථාරයෙන් පෙනෙන පැහැදිලි නිරීක්ෂණ 3 ඇති බව පෙනෙනවා. 

1. 2008 දී මුලින්ම ඇන්ඩ්‍රොයිඩ්  හදුන්වා දීමෙන් පසු, ඒ වන විටත් අඩුවෙමින් තිබු සුප්‍රසිද්ධ සිම්බියන් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය (නොකියා සමාගමේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය) තවදුරටත් පසුබැසීමකට ලක්වී ඇති බව.
2. 2008 දී වැඩිවෙමින් තිබු බ්ලැක්බෙරි ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියඇන්ඩ්‍රොයිඩ්  හදුන්වදීමෙන් පසු  පසුගාමී වීම.
3. අයි ඔ එස් ( ඇපල්  ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය ) හි වර්ධනය ඇන්ඩ්‍රොයිඩ්  හදුන්වදීමෙන් පසු අඩුවෙන් සිදුවීම.
 මයික්‍රෝසොෆ්ට් සමාගමේ සහ අනෙකුත් සමාගම් වල  ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති හි වර්ධනය ඇන්ඩ්‍රොයිඩ්  හදුන්වදීමෙන් පසු අඩුවෙන් සිදුවුනත් මයික්‍රෝසොෆ්ට් සමගම වින්ඩෝස් ෆෝන් හදුනවා දීමෙන් පස් එම තත්වය වෙනස් විය හැකියි. නමුත් ඒවා ඇන්ඩ්‍රොයිඩ් 
වලට සැලකියයුතු තර්ජනයක් කිරීමට තව කලක් ගතවිය යුතුයි.