2013-02-27

පලවෙනි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක රන් කිරීම - දෙවෙනි උත්සාහය



ගියවර් ඇන්ඩ්රොයිඩ් ඇප් එක රන් කරන එක අසාර්ථක උනා මතක ඇති. ටිකක් හොයලා බැලුවම හේතුව උනේ, ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් රන් කරන්ඩ අවශ් මුලික කාරණයක් හරියට කරලා නැතිවීම. ඇන්ඩ්රොයිඩ් ඇප් එකක්,
1. ඇත්තම උපකරණයක ( ෆොන් එකක , ටැබ් එකක )
හෝ
2. එමියුලෙටරයක ( ඇත්තම උපකරනයක් ලෙස පරිඝනකයක රන් වෙන තවත් ප්රොග්රම් එකක්.
පල්මුවෙන්ම අපි දෙවනියට තියන ක්රමය බලමු.
සදහා මුලින්ම , මගේ කොම්පියුටරයේ, එමියුලේටරයක් සකසා ගැනීම අවශ්යයි.
මේ සදහා අවශ් උපදේස් ගූගල් ඇන්ඩ්රොයිඩ් උදව් වල තිබෙනවා.

 

මෙවා තමා මුලිකව කරන්න ඕනැ දෙවල්..
මුලින්ම එක්ලිප්ස් වල AVD මෙනු  හරි ෆයිල් මෙනු එකෙන් හරි AVD මැනේජර් එකට යන්න (Window >  AVD Manager).

මෙකෙන් පහල තියනවා වාගේ සංවාද කොටුවක් ඕපන් වෙනවා.

මෙතන new තෝරන්න.

මෙතනින් පුලුවන් අලුත් virtual device එකක් හදා ගන්න.

මෙතන තමන්ට හදාගැනීමට උවමනා එකේ පරාමිති දෙන්න ඕනි. උදාහරණයක් විදිහට මම මේතන දීල තියෙන්නේ,ARM ප්රොසෙසරයක් තියන, රැම් එක 512 MB වෙන, WVGA 800 ඩිස්ප්ලේ එකක් තියන ෆොර්න් එකක්. වගේම්, මුලිකම දේ තමා මම සපොර්ට් කරන්නේ මොන ඇන්ඩ්රොයිඩ් වර්ශන් එකටද කියන එක. මෙතනදි මම API වර්ශන් 16 තමා පාවිච්චි කරලා තියෙන්නේ. එකියන්නේ ඇන්ඩ්රොයිඩ් 4.0 අයිස් ක්රීම් සැන්ඩ්විච්.

දැන් එමියුලෙටර් එක ලැස්තියි. "Start" ක්ලික් කරන්න අවශ් AVD  එක තෝරලා.
 
අවශ් නම් අමතර සකසාගැනීම් කීපයක් මෙතනත් කරන්න පුලුවන්. උත්සහ කරලා බලන්න. එමියුලෙටර් එකෙ පෙනුම සකස් කර ගැනීම තමා මෙතන කරන්නේ.
ඊට පස්සේ "Launch " ක්ලික් කරන්න.
එමියුලෙටර් එක ඔපන් වෙන්ඩ සැහෙන වෙලාවක් ගියා.මම මෙක කලේ Core i3 , 4GB මතකයක් තියන  නොට්බුක් එකකින්. ඒත් මට හිතුන ස්ටක් වෙලා ඇති කියලා. එත් එක සැහෙන වෙලවාක් ගන්නවා. එක නිසා මෙතන ටිකක් ඉවසන්න වෙන්වා.
ඔපන් උනාම පෙන්නෙ මෙන්න මෙහෙමයි

මෙක ඇත්ත ෆොන් එකක් පරිඝනකයේ සම්පත් පාවිච්චි කරලා හැදුවා වගේ,
ඊට පස්සේ "Run" කියන ඔප්ෂන් එක තොරලා ඇප් එක රන් කරන්න.

මෙන්න මෙහෙමයි ඇප් එක පෙන්නේ රන් කරන කොට .අපි බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙලා තියනවා.

 ඉතින් මෙ ලිපියත් එක්ක ප්රධාන වශයෙන් මම කියන්ඩ බලපොරොත්තු උන දේ ඉවර වෙනවා. මේ සියල්ල ප්රමානවත්, පරිඝනක භාෂා පිලිබදව දන්න කෙනෙකුට මෙ ඔස්සේ සංකීර්ණ ඇප්ස් ලියන්ඩ. මමත් තනියම ඉගෙන ගන්න නිසා මගේ අත්දැකීම්, නැවත ලියන්නම් මට හිතුනොත් ඒක කාට හරි සිංහලෙන් කියවන කෙනෙකුට උදව්වක් වෙයි කියලා.එක්කෙනෙක් හරි මෙ සටහන් ව්ලින් පොඩි උදව්වක් හෝ අරන් මේ ක්ෂේත්රය ගැන උනන්දුවක් හරි ඇතිඋනා නම් , සතුටුයි.

2013-02-11

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් රූට් කර කස්ටම් රොම් එකක් ඉන්ස්ටෝල් කිරීම

මුලින්ම , කාරනයක්.
මම මේ ලිපියේ ලියා ඇති කරුනු අත් හදා බැලීමට යාමේන් ඕබෙ වටිනා දුරකථනය කමකට නැති ගඩොලක් බවට පත්වීමට ( බ්‍රික් ) වීමට ඉඩ ඇත.

මේ දුරකථනය මම ගත්තේ USA වලින්, මෙක AT&T සමාගම ට සැම්සුන් සමාගම නිපදවන දුරකථනයක් (model Samsung Captivate SGH-i897). ලංකාවට එන මෙ සමානව යන මොඩල් එක තමා Galaxy S1. මෙක මුලින්ම පෙනුම මෙන්න මේ වගේ. Eclair  (Android 2.1)තමා රන් උනේ.
මෙ ෆොන් එකට සැම්සුන්ලගෙන් ජින්ජර්බ්‍රෙඩ් යවත්කාලීන කිරීමක් එනවා. එක කරන්න පුලුවන් සැම්සුන් ලගේ ෆොන් සොෆ්ට්වෙයාර් එකෙන් , නම සැම්සුන් කියස් මිනි (samsung kies mini).
කියස් මිනි එකට ෆොන් එක සම්බන්ධ කලාම මේ ෆෝන් එකට තියන අප්ග්‍රෙඩ් එක විදිහට ජින්ජර් බ්‍රෙඩ් පෙන්නවා. සරලව දෙන උපදෙස් අනුව ගියාම ජින්ජර්බ්‍රෙඩ් අප්ග්‍රේඩ් එක කරගන්ඩ පුලුවන්.තමත් මෙ ෆ්‍රොන් එකේ රූට් ඇක්සක් ( ඇඩ්මින් ඇක්සස්) වලට සමාන පහසුකම් මට නැහැ. මේකට තමා  රූට් කරන්ඩ අවශ්‍ය වෙන්නේ.

මෙන්න මේ ෆයිල්ස් 3 අවශ්‍ය වෙනවා...
1.කොර්න් කර්නෙල්
2.ඔඩින්
3.ක්ලොක්වර්ක් මොඩ් රිකවරි (CWM)

මෙවා ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලොඩ් කරන්න පුලුවන්.ඊට පස්සේ ඔඩින් කොම්පියුටර් එකෙ ඉන්ස්ටොල් කරලා, ෆෝන් එක ඩවුන්ලෝඩ් මොඩ් එකට් අරන් USB කේබල් එකෙන් සම්බන්ධ කලාම ඔර්ඩින් එකෙන්, ෆොන් එක හදුනා ගන්නවා. එත්කොට ඔඩින් එක හරහා ක්ලොක්වර්ක්මොඩ් රිකවරි කර්නෙල් එක ෆ්ලැෂ් කරන්ඩ පුලුවන්.

WCM - රිකවරි එක ලොඩ් උනාම මෙන්න මෙ විදිහට තමා මෙනු එක තියෙන්නේ.
හරි දැන් ජෙලි බීන් කස්ටම් රොම් එක ඉන්ටර්නෙට් එකෙන් බා ගන්ඩ ඕනි. මතක තියා ගන්ඩ ඕනි කාරනව තමයි මෙ කස්ටම් රොම් එක පාවිච්චි කරන අනෙත් අයගේ අදහස්, උදාහරණ්යක් විදිහට මේ කස්ටම් රොම් එක පාවිච්චි කරපු කෙනෙක් කියලා තිබුනා එයගේ ෆොන් එක wi-fi වෙලින් සම්බන්ධ වෙන්නෙ නැ කියලා ( මටනම් අවුලක් ගීයෙ නැ ).ජෙලි බීන් කස්ටම් රොම් ෆ්යිල් එක ඩවුන්ලොඩ් කරාට පස්සේ පේන්නෙ මෙන්න මෙහෙමයි.

ඊට පස්සෙ මෙක SD කාඩ් එකට දාල   CWM වලින් "Install ZIP from " කියන ඔප්ශන් එක තෝරනවා. ඊට පස්සෙ ඉන්ස්ටොලෙශන් එක පටන් ගන්නවා.

අවසානයෙදී ෆොන් එක බූට් වෙනවා ඒ ජෙලි බීන් වලට..( ඇන්ඩොයිඩ් වල අලුත්ම වර්ශන් එකට ) . මෙතනදි, මතක තියාගන්න ඔනි, මෙ කස්ටම් රොම් එක් ජෙලි බීන් නිල  නිකුතුවේ කෙතය අරන් මේ ෆොන් එකට හරි යන චිදිහට යම් ඉජිනේරුවෙක් විසින් වෙනක් කරපු එකක්. ඉතින් නිල වර්ශන්  එකේ සියලුම පහසුකම් නැති වෙන්න පුලුවන්. සහ හානිදායක බග් තියෙන්න පුලුවන්.


වර්ශන් එක 4.1.2, මෙක හරියන්නේ මෙ ෆොන් මොඩල් එකට විතරයි. ඊට අමතරව, පාවිච්චි කරන සොෆ්ට්වෙයර් වෙනස් ෆෝන් මොඩල් එක අනුව. තමන් රූට් කරනවනම් , අප්ග්‍රේඩ් කරනවා නම්, මුල්න් සැහෙන්ඩ කියවලා තමා. නැත්නම් ෆොන් එක වැඩ නොකරන්ඩ චන්ස් එකක් තියනවා.

කවුරු හරි ගැලක්සි S1 එකට කස්ටම් රොම් දැම්මා නම්, කොමෙන්ටුවකින් දන්වන්න. වෙනත්, ෆෝන් රූට් කිරීමේ හො අප්ග්‍රෙඩ් විස්තර හුවමාරු කර ගන්න..
ස්තුතියි...

2013-01-17

යොල්ලා හෝ ටිසෙන් ඇන්ඩ්‍රොයිඩ් පරාද කරයිද?

මේ පාර පොස්ට් එකෙන් අපි ලියාගෙන ආව ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක එමියුලේටර් එකේ රන් කරාම මොකො උනේ කියලා ලියන්ඩ හිතාගෙන් හිටියත්, පහුගිය සති දෙක තුනේ මම ඉන්ටර්නෙට් එකේ දැකපු ඇලුත් පුවත් වගයක් මෙ පාර බ්ලොග් එකට දානවා කියලා හිතුවා.

එකට හෙතුව මේ පුවත් දෙකම අලුතින් පටන් ගන්න මේ දක්වා වෙලදපොලට   ඇවිත් නැති ( මම දන්න විදිහට )ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති දෙකක් වීම. මේ බ්ලොග් එකේ අපේ අරමුන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට ඇප් ලියන්ඩ ආරම්භයක් ලබා ගැනීම උනත්, මේ ක්ෂේත්‍රයේ වෙන මේ වගේ වෙනස්කම් දැනගෙන ඉන්න එක අපේ අනාගතයට හොදයි. මොකද වෙනස්කම් ඉක්මනින් දිගටම සිදුවෙන  එකට සූදානමින් දැනුවත්ව සිටීම අත්ය්‍යාවශ්ය නිසා.

යොල්ලා කියන්නෙ මොකක්ද?යොල්ලා කියන්නේ 2011 - මාර්තු මාසේ ෆින්ලන්තේ පටන් ගත්ත ෆොන් හදන කොම්පැනියක්( www.jolla.com ).
 හැමොම දන්නවා නේ ෆින්ලන්තෙ කිව්වාම අපිට මතක් වෙන්නෙ නොකියා ෆෝන් එක. යොල්ලා කියනනේ ෆිනිෂ් වචනයක්. තේරුම ඩිංගි බෝට්ටුව කියන එක.මෙයාලා, මෙයාලගේ යොල්ල ෆෝන් එකට පවිච්චි කරන්ඩ යන මෙහෙයුම් පද්ධතියට කියන්නේ සේල්ෆිෂ් (මාලුවෙක් ගෙ නමක්) කියලා. මතක ඇතිනේ මීගො කියලා මෙහෙයුම් පද්ධතියක් ලිනක්ස් පදනමෙන් ගෙනිච්චා නොකියා වල අනුග්‍රහයය ඇතිව. මේ ව‍ය්‍යාපෘතිය අතඇරලා දැම්මා නොකියා සමාගම. ඊට පස්සේ එක තවදුරටත් ඉස්සරහට ගෙනිච්වේ මේකෙ වැඩ කරපු ඉංජිනෙරුවරු. ( සමහරවිට ජොබ් නැතිවෙන්ඩ ඇති මීගො නැවතුන නිසා ).මෙයාලා කොම්පැනි එක සෙට් අප් කරලා තියන නගරයේ මුලු ජනගහනය 18,000. මුලින්ම සල්ලි දීලා තියෙන්නේ ෆීනිෂ් ආන්ඩුව අලුත් කොම්පැනියකට කරන අනුග්‍රහයක් විදිහට.  ඉතින් මේ වගේ පොඩියට පටන් ගන්න කොම්පැනියට තරග කරන්න වෙන්නේ ඇප්ල්, නොකියා, සැම්සුන් වගෙ ෆොන් කොම්පැනි එක්ක සහ, ඇපල් IOS, ඇන්ඩ්‍රොයිඩ් වගේ මෙහෙයුම් පද්ධති එක්ක.
මට මෙයලගේ ප්‍රොග්‍රෙස් එක බලනකොට හිතුනා ඇයි අපේ වගේ රටවල් වල ඉන්න දැනුම තියන කොල්ලො කෙල්ලො මෙ වගෙ ප්‍රොජෙක්ට් පටන් ගන්නෙ නැත්තේ කියලා. ඒක වෙනම ප්‍රශ්නයක්.
ඉතින් කැමතිනම් මේ ලින්ක්ස් වලට ගිහින් බලන්ඩ් මෙයාලගෙ ප්‍රොජෙක්ට් එක ගැන.

සයිට් එක
www.jolla.com
මෙතන තියනවා යොල්ලා එකෙන් නිකුත් කරන ඔක්කොම වීඩියොස්.
http://www.youtube.com/user/jollaofficial
 මෙයලගේ SDK එක නිකුත් කරන්නේ 2013 පලවෙනි කාර්තුවේ.
https://sailfishos.org/wiki/Main_Page
 ඉතින් යොල්ල වලට ඇප්ස් හදන්ඩ ඉන්නව නම් ඒ ගැන දැන් ඉදන් හිතුවානම් හරි.

ටීසෙන් කියන්නෙත් යොල්ලා වගේම ලිනක්ස් පදනම සැම්සුන් සමාගම එක්ක එකතු වෙලා හදන මෙහෙයුම් පද්ධතියක්. පේන විදිහට සැම්සුන් සමාගම ඇන්ඩ්‍රොයිඩ් මතම ත්මන්ගේ ෆ්‍රොන් යැපෙන එකේ තියන අනතුර තේරුම අරන් වගේ. ඉන්ටෙල් සමාගමත් මේ වැඩේට එකතු වෙලා ඉන්නවා. එයාල එයලගෙ SDK එකත් නිකුත් කරලා ඉවරයි. එ එක්කම නිවුස් එකක් තිබුනා සැම්සුන් එයලගේ S3 ෆෝන් එක ටීසෙන් වලිනුත් නිකුත් කරන්ඩත් තීරනය කරලා කියල.
 සයිට් එක
https://www.tizen.org/
 SDK එක
https://developer.tizen.org/downloads/sdk

අනාගතේ ගොඩක් වෙනස්කම් වෙයි, දැනට ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් තම ලොක්කො. දෙවල් වෙනස් වෙන කොට අපිත් ඒවා ගැන් අවධානයෙන් ඉදල ඉක්මනට අවශ්ය්‍ය දෙවල් ඉගෙන ගත්තොත් , හැමවෙලේම අපිට සහ රටට වාසියි.



2013-01-13

පලවෙනි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක රන් කිරීම


 මේ වැඩේට මම උදව් කර ගත්තේ මේ ට්යුට් එක. වැඩිවිස්තර ඔනි නම් මෙතනින් බලන්න.
http://developer.android.com/training/basics/firstapp/running-app.html

මේ ටියුට් එකේ කියන විදිහට , අපි පාවිව්වි කරන්නේ, ගූගල් වල උදාහරණය නිසා, මේ ඇප් එක රන් කරන්ඩ ඔනි කරන ඔක්කොම ෆයිල්ස් එක්ලිප්ස් වල තියනවා.

අපිටලියපු ඇප් එකක් රන් කරලා බලන්ඩ පුලුවන් ආකර දෙකක් තියනවා.

1. ඇත්ත උපකරණයක රන් කිරීම  ( ෆොන් එකක් හෝ ටැබ් ඒකක්)
2. එමියුලේටර් එකක

අපි මුලින්ම බලමු ඇන්ඩ්‍රොයිඩ් ප්‍රොජෙක්ට් එකක් මොන විදිහටද සකස් වෙන්නේ කියලා එක්ලිප්ස් ඇතුලේ.


src / : ප්‍රධාන කේතය ඇති ගොනුව.

res/: ඇප් එකට අවශ්‍ය දෙවල් ඇති ගොනුව.

drawable-hdpi/ : ඇදීමටහැකි දේවල් ඇති ගොනුව.

layout/: අතුරු මුහුනත සකස් කරන දේවල් ඇති ගොනුව.

values /: පාටවල් සහ අකුරු සදහන් කර ඇති ගොනුව.

AndroidManifest.XML /: ඇප් එකේ මූලික ව‍යූහය සදහන් කරඇති ගොනුව.




ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක රන් කරාම වෙන්නේ,මූලික ඇක්ටිවිටි ක්ලාස් එක පටන් අරන්,එක ලේඅවුට් ෆයිල් එක් පටන් ඇරන් එකෙ තියන අකුරු ඉන්ටර් ෆේස් එකට ලියන්වා.මම "Hello World " කියන අකුරු "Hi Android" වලට මාරුකරනවා.




 මම හිතන්නේ පහල තමා වෙනස් වෙන්ඩ ඕනි කියලා.
දැන් හරි මම හිතන්නේ.  රන් කරන්ඩ කරන්ඩ තියෙන්නේ පහල තියන රන් බොත්තම ඔබන එකයි. :)

 

බලපොරොත්තු උන විදිහටම ,Error එකක්.

 
මේක හදන්නේ කොහොමද කියලා ඊලග පොස්ට් එකෙන් කියන්නම්.

2012-10-27

"Hi Android " : පලවෙනි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක. : මූලික පියවර.

මම හිතන්නෙ දැන් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලියන්ඩ අවශ්‍ය හැම දෙයක්ම ඉන්ස්ටෝල් කරලා අවසානයි. දැන් පොඩි ඇප් එකක් ලියලා ඒක සනාථ කර ගන්ඩ ඕනි. මේ ලියන්ඩ යන ඇප් එකේන් කරන්නේ

 " Hi Android"

කියන වචන දෙක, ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ ලියන එකයි.සමාන්‍යයෙන් මේ වගේ සරල වැඩසටහනක් මුලින්ම හදන එකේ අරමුන වෙන්නේ, වැඩසටහන හදන්ඩ අවශ්‍ය වෙන අනෙත් දේවල් හරියට සෙට් වෙලාද කියලා බලාගන්න එකයි. මුලින්ම එක්ලිප්ස් වල ප්‍රොජෙක්ට් එකක් හදන්ඩ ඕනි.මම උදව් කර ගත්තේ මේ ට්යුට් එක.
 http://developer.android.com/training/basics/firstapp/creating-project.html.

http://developer.android.com/training/index.html 
පටන් ගනිමු.

1. මුලින්ම එක්ලිප්ස් ඔපන් කරන්ඩ
2.ඊලගට "new Android app project". පහල බලන්න, 

3. මේක ක්ලික් කරාම පහල තියෙනවා වගේ සංවාද කොටුවක් විවෘත වෙනවා.මුලින්ම මට අවශ‍‍ය මේ ඇප් එක රන් කර ගන්ඩ නිසා, මම මේකෙ තියන මුල් සෙටින්ස් වෙනස් කරන්නේ නෑ.ඉතින් මම, ඒවා ඒ විදිහටම තියනවා, උදාහරන්යේ විදිහට ඇප් එකේ නමයි, ප්‍රොජෙක්ට් එකේ නමයි දානවා.


මේකෙ "Application name" කියන්නේ ඇප් එකට පාවිච්චි කරන නම. ප්‍රොජෙක්ට් ඩිරෙක්ටරි එකේ නම සහ, එක්ලිප්ස් වල පාවිච්චිවෙන නම තමා "project name" . "Build SDK " කියන්නෙ ඇප් එක බිලඩ් කරන ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක. ගූග්ල්  කියන විදිහට නම්, "Build SDK " එක නවතම ඇන්ඩ්‍රොයිඩ් සංසකරනය වෙන එක හොදයි කියලා, මොකද එතකොට ඇන්ඩ්‍රොයිඩ් වල අලුත්ම දේවල් එක්ක ඇප් එක රන් කරන්ඩ පුලුවන් නිසා. "Minimum required SDK" කියන්නෙ මේ ඇප් එක රන් කරන්ඩ පුලුවන් පරණම ඇන්ඩ්‍රොයිඩ් ස්ංසකරනය.මම මෙතන දාලා තියන විදිහට මගේ ඇප් එක ෆ්‍රොයො ( ඇන්ඩ්ඩ්‍රොයිඩ් 2.2  ෆ්‍රොයො ) වල අවම හැකියාවකින් රන් කරන්ඩ පුලුවන් වගේම අලුත්ම ජෙලි බීන්  ( ඇන්ඩ්ඩ්‍රොයිඩ් 4.1   ජෙලි බීන් )ස්ංස්කරනය්යෙත උපරිනම හැකියාවෙන් රන් කරන්ඩ පුලුවන් .
මම සංවාද කොටුවෙ තියන විදිහ විස්තර ඇතුල් කරලා නෙක්ස්ට් එන්ටර් කරනවා.  එතකොට ඊලග පියවර.."" Configure Launcher Icon" ඔපන් වෙනවා.

මේ අයිකන් එක තමා ඇප් එක පෙන්වන්න යොදාගන්නේ. මම විස්තර මොකුත් වෙනස් නොකර "නෙක්ස්ට්" ක්ලික් කරාම ""Create Activity" ඇක්ටිවීටි එක ඔපන් වෙනවා.
ඇක්ටිවිට් එක තමා ඇප් එකේ මූලික ව්යුහය තීරනය කරන්නේ."නෙක්ස්ට්" ක්ලික් කරාම ""Create Activity" ඇක්ටිවීටි එක ඔපන් වෙනවා.මෙකේන් ඇක්ටිවිටි එක නම් කරන්ඩ පුලුවන්. මම් මෙතනදිත් මුකුත් වෙන්ස් කරන්ඩ යන්නෙ නැ. නෙක්ස්ට් ක්ලික් කරනවා තියන දේවල් එහෙමම තියලා.
ඊලග සංවාද කොටුවෙන් කියනවා, " ඇන්ඩ්‍රොයිඩ් සපොර්ට් ලය්බ්‍රරි" එකක් ඉන්ස්ටෝල් කරන්ඩ කියලා. ( ඉන්ස්ටෝල් ඩිපෙන්ඩන්සීස් කියලා සංවාද කොටුවක් ඇරෙනවා. )
"Install/Upgrade " - ක්ලික් කරාම අදාල ෆයිල්ස් ඔන්ලයින් ඩවුන්ලෝඩ් වෙනවා.


ඩවුන්ලෝඩ් උනට පස්සේ , ඒ පැකේජ් එක ඉන්ස්ටෝල් කරන්ඩ ඕනි. ඔටොමැටිකලි ම ලයිසන් ඇග්‍රීමන්ට් එක ඇක්සෙප්ට් කරන වින්ඩො එක එනවා..ඊට පස්සේ පැකෙජ් එක ඉන්ස්ටෝල් වෙනවා. ඉවර උනාට පස්සේ එක්ලිප්ස් ප්‍රොජෙක්ට් එක සෙටප් කරලා තියන විදිහ පේනවා.


ගූගල් කියනවා ඇප්  එකට අවශ්‍ය කෝඩ් එක තියන නිසා කෙලින්ම රන් කරන්ඩ පුලුවන් කියලා. එක ඊලග පොස්ට් එකෙන්...