2012-08-06

ඇයි ඇන්ඩ්‍රොයිඩ් ?

ඇන්ඩ්‍රොයිඩ් යනු වේගයෙන්ම ලොව වටා ජනතාව අතර ව්‍යාප්ත වන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියයි .මම මෙහි දැක්වෙන ප්‍රස්ථාරය හැදුවේ දැනට ඇති වෙළදපොල අධ්‍යයන වාර්තා වලින්.
ඇන්ඩ්‍රොයිඩ් හැර අනෙත් සියලු ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති නිපදවා ඇත්තේ ඒ ඒ සමාගම් වල දුරකථන වල පාවිච්චිය උදෙසායි.
ඉහත ප්‍රස්ථාරය සෑදීමට en.Wikipedia හි ඇති තොරතුරු උදවු කර ගත්තා Wikipedia වලට එම තොරතුරු ලබාගෙන ඇත්තේ සුප්‍රසිද්ධ Gartner සමාගමේ අධ්‍යයන වාර්තා වලින්. ((Gartner: Android leads, Windows Phone lags in Q1". Gartner, Inc. 2011-05-19. Table 2. http://news.cnet.com /8301-13506_3-20064223-17.html. බැලුවේ 2011-05-19.)

මේ ප්‍රස්ථාරයෙන් පෙනෙන පැහැදිලි නිරීක්ෂණ 3 ඇති බව පෙනෙනවා. 

1. 2008 දී මුලින්ම ඇන්ඩ්‍රොයිඩ්  හදුන්වා දීමෙන් පසු, ඒ වන විටත් අඩුවෙමින් තිබු සුප්‍රසිද්ධ සිම්බියන් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය (නොකියා සමාගමේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය) තවදුරටත් පසුබැසීමකට ලක්වී ඇති බව.
2. 2008 දී වැඩිවෙමින් තිබු බ්ලැක්බෙරි ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියඇන්ඩ්‍රොයිඩ්  හදුන්වදීමෙන් පසු  පසුගාමී වීම.
3. අයි ඔ එස් ( ඇපල්  ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය ) හි වර්ධනය ඇන්ඩ්‍රොයිඩ්  හදුන්වදීමෙන් පසු අඩුවෙන් සිදුවීම.
 මයික්‍රෝසොෆ්ට් සමාගමේ සහ අනෙකුත් සමාගම් වල  ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති හි වර්ධනය ඇන්ඩ්‍රොයිඩ්  හදුන්වදීමෙන් පසු අඩුවෙන් සිදුවුනත් මයික්‍රෝසොෆ්ට් සමගම වින්ඩෝස් ෆෝන් හදුනවා දීමෙන් පස් එම තත්වය වෙනස් විය හැකියි. නමුත් ඒවා ඇන්ඩ්‍රොයිඩ් 
වලට සැලකියයුතු තර්ජනයක් කිරීමට තව කලක් ගතවිය යුතුයි.

3 comments: