2012-08-07

ඇන්ඩ්‍රොයිඩ් කොහොමද උපත ලැබුවේ?

ඇන්ඩ්‍රොයිඩ් ලෙස නම්කරන ලද සමාගමේ ආරම්භය 2003 දී සිදු උනත් , සැබවින්ම මෙම සමාගමේ උපත ඊට කලින් සිදුවූ අතර යම් යම් හේතු නිසා රහසේ තම කටයුතු කරගෙන ගොස් තිබෙනවා. සමාගමේ ආරම්භකයන් ලෙස සැලකෙන්නේ , ඇන්ඩි රුබින් ( ඩෙන්ජර සමාගමේ සමාරම්භක ), රිච් මයිනර් ( වයිල්ෆයර් සමාගමේ සමාරම්භක ), නික් සියර්ස් (ටී මොබිලේ සමාගමේ උප ප්‍රධානී).
2005 දී ගූගල් සමගම විසින් ඇන්ඩ්‍රොයිඩ්  සමාගම අත්පත් කර ගන්න ලද අතර සමාගමේ ඉදිරි ගමන ගූගල් සමාගමේ අභිමතාර්ථයන් වලට අනුව වෙනස් කිරීමට කටයුතු කරනු ලැබුවා. ගූගල් වලට මුලිකව අවශ්‍ය උනේ තමන් ගේ ඉතා විශිෂ්ට වූ සෙවුම් යන්ත්‍ර ඇන්ඩ්‍රොයිඩ්  වල තාක්ෂනය ජංගම සන්නිවේදන උපකරණ වල භාවිතයට යොදා ගැනීමයි. 2007 දී (මෙම සැකය තහවුරු කරන අයුරින්)  ඔවුන් දුරකථන තාක්ෂනය හා සම්බන්ද පේටන්ට් බලපත්‍ර කීපයක් ලබාගැනීමට අයදුම් කරනු ලැබුවා.
2007 දී , සුප්‍රසිද්ධ සමාගම් කීපයක සහභාගිත්වයෙන් විවුර්ත දුරකථන සහයෝගිතාවය  (Open Handset Alliance ) නමැති සංවිධානය පිහිටුවාගනු ලැබුවා.මේ සහයෝගිතාවයේ අරමුණ උනේ ජංගම සන්නිවේදන උපකරණ උදෙසා " විවර්ත තත්වයක් (Open Stand) සකස් කර ගැනීමයි. මේ කටයුත්ත සදහා සහභගී වූ සමාගම් වන්නේ, බ්‍රෝඩ් කොම් , ගූගල් , එච් ටී සී , ඉන්ටෙල් , එල් ජී , මර්වල් , මෝටරෝලා, එනවිඩියා, කුඅල්කොම් , සැම්සුන්, ස්ප්‍රින්ට් , ටී මොබයිල් සහ ටෙක්සාස් ඉන්ස්ට්‍රුමන්ට් යන සමාගම් ය.
මෙම සියලු දේ වල ප්‍රතිපලයක් ලෙස ලිනක්ස් කර්නල් 2.6 මත පදනම් වූ පළමුවන ඇන්ඩ්‍රොයිඩ් නිකුතුව 2007 දී නිකුත් කරා.

3 comments: